චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

සිය නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් සිදු කරනු මැතිවරණ ප්‍රචාරණ කටයුතු නතර කිරීමට සහය වන ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැතිවරණය කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමත් බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය පෙන්වා දෙයි.

අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ‘පුටුව ලකුණින්’ මැතිවරණයට ඉදිරිපත් ‘පොදුජන එක්සත් පෙරමුණෙහි’ යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා සිය ඡායාරූපය සහිතව ලසන්ත අලගියවන්න සහ සරණ ගුණවර්ධන අයගේ ද ඡායාරූප ඇතිව ‘අත් පත්‍රිකාවක් ගෙයින් ගෙට බෙදමින් සිටින බව සහ පෝස්ටර් අලවා ඇති බව ද දැනගන්නට ලැබිණ.

කෙසේ වූවත් ඒ සඳහා තමන් කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත් සිය නම හෝ ඡායාරූපය කිසිඳු ‘ශ්‍රව්‍ය දෘශ්‍ය’ ප්‍රචාරණ කටයුත්තකට භාවිත නොකරන ලෙස දැනුම්දී ඇති බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අවධාරණය කරයි.

Share This