රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1,311ක් වාර්තා වෙයි

රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1,311ක් වාර්තා වෙයි

රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වන විට ප්‍රදේශ රැසකට ඩෙංගු වසංගත තත්ත්වයක අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව රත්නපුරා ශික්ෂණ රෝහලේදීද වෛද්‍යවරුන් 03 ඇතුළු කාර්ය මණ්ඩලයේ 147කට ඩෙංගු වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා වාර්තා කරයි.

මේ වන විටත් රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් 1311 වාර්තා වී ඇතැයි එම සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි.

රත්නපුර ශික්ෂණ රෝහලේ පමණක් වෛද්‍යවරුන් 03 වෛද්‍ය ශිෂ්‍යයන් 02 හෙදියන් 23 ඖෂධ වේදියෙකු සෞඛ්‍ය කාර්ය සහායකයින් 64 ආරක්ෂක04 පවිත්‍ර සේවකයින් 15 දෙනෙකු වශයෙන් 143 දෙනකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇතැයි පැවසීය.

ඊට අමතරව එම රෝහලට යහබදපිහිටි ලය රෝහලේ ද සෞඛ්‍ය සේවකයින්14 ඔසු ගබඩාවේ 03 ඩෙංගු රෝගයට ලක්වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

චන්දන ලක්මාල්

Share This