හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන බවට නීතිඥවරුන් මාර්ගයෙන් දන්වා තිබේ.

ඒ, චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබදීම සඳහාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අද (25) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් ඊට වෙනත් දිනයක් ලබා දෙන හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටි අතර ලබන 28 වැනිදා හෝ 30 වැනිදා අතර දිනයක කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ඔවුන් විසින් දැනුම්දෙන ලදී.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ලබන 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතය.

Share This