පාසල් නිවාඩුදීම ගැන දැනුම්දීමක්

මැයි මස 06 වන දින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සිදු කිරීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි මස 05 වැනිදා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම පාසල් නැවත මැයි මස 07 වැනිදා ආරම්භ කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා අත්සනින් යුතුව ලිපියක් නිකුත් කර ඇත.
ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතුය.
ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, ඩෙස්ක්, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු වේ.
ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද පෙට්ටි හා අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කරන හා ආපසු භාර ගන්නා මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේ දී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද වැඩි දුරටත් එම ලිපිය මඟින් දැනුම් දී තිබේ.