යුද්ධ හමුදාව සිදු කළ විශේෂ ඉල්ලීම

වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විවිධ යෙදවුම් තුළින් සිදු කරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්රවනතාව මතුව ඇත.
මෙලෙස යුද්ධ හමුදා නිල ඇඳුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධි ක්‍රියාවක් වන බව එම හමුදාව සඳහන් කරයි.
කෙසේ වෙත් බොහෝ දෙනා තම නොදැනුවත්කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරන බව පෙනෙන්නට ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු පවසති.
ඉන් තම යුද්ධ හමුදා ප්‍රතිරූපයටම හානියක් සිදු වන අතර, දශක තුනකට ආසන්න කාලයක් පුරා මව්බිම වෙනුවෙන් තම ජීවිතය කැප කළ රණවිරුන්වන් ද හෑල්ලුවට ලක්වන බව ඒ නිවේදනය දැක්වෙයි.
ඒ හේතුවෙන් යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානි කරන මෙවැනි දේ සිදු කිරීමේ වළකින ලෙස යුද්ධ හමුදා වැඩිදුරටත් ඉල්ලීම් සිදු කරයි.