සිරි දළදා වන්දනාවට නොපැමිණෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ, මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටීම හේතුවෙනි.
සිරි දළදා වන්දනාව ආරම්භ කෙරුණේ, පසුගිය 18 වැනිදාය. ඒ අනුව ඉදිරි දින දෙක තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් බැතිමතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටියි.
තවත් බැතිමතුන් පැමිණීමක් සිදුවුවහොත් අලුතින් පැමිණෙන බැතිමතුන්ට වන්දනාමාන කටයුතු සිදු කරගැනීම සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බව පොලීසිය පවසයි.