තමන්ට දිනකට ලැබෙන ලිපි 1000ක් ගැන අගමැති හරිනි හෙළි කරයි

නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් දිනකට තමන්ට මහජනයාගෙන් ලිපි 1000ක් පමණ ලැබෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ඉන් 900ක් පමණ ගම් මට්ටමින් විසඳා ගත හැකි බව ද ඇය කොළොන්නාවේ පැවැති ජනරැළියකට එක්වෙමින් සඳහන් කළාය.
“අපි පටන් ගත්ත විතරයි. ඔබ විශ්වාස කරන්න මට දිනකට ලැබෙනවා ලියුම් 1000 ක් විතර. ඒ ලියුම් දාහෙන් 900ක් ගමේ විසඳන්න පුළුවන් ප්‍රශ්න. නමුත් ඒක විසදිලා නැති නිසා තමයි අපි ගාවට එන්නේ. දැන් මම ඒවට කාලය වෙන කරන කොට මගෙන් විය යුතු දේ කරන්න බැරි වෙනවා . මම ඒක දිහා බැලුවේ නැත්නම් ඒ කියන්නේ ප්‍රශ්න නමසියක් තියෙනවා විසඳිලා නෑ . අන්න ඒ කොටස බේරගන්න පුළුවන් අපිට හරියට අපේ ප්‍රාදේශීය සභා නගර සභා ටික හදාගත්තා නම්. ඉතින් අන්න ඒ ටික වෙනුවෙනුත් මේක අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට අර හරියට උඩ ඉඳන් යටට එකම දැක්මකින් යන්න පුළුවන් විදියේ ව්‍යුහයක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ සියලුම හේතූන් නිසා තමයි මේ මැයි 06 වෙනිදා මේ මැතිවරණය අතිශයින්ම වැදගත් වෙන්නේ මේක විශාල පරිවර්තනයක් ඔබ අපෙන් බලාපොරොත්තු වුන මේ පරිවර්තනය කොච්චර සංකීර්ණද කියන එක. මං හිතන්නේ අපිට තේරෙන්නෙත් දැන්. ඔබ අපි සියලු දෙනාටම කොච්චර දේවල් කරන්න තියෙනවද කොච්චර දේවල් වෙනස් කරන්න තියෙනවද කියලා. හැබැයි මේ ගමන අපි යනවා.”