රන් මිල දැනෙන ගාණකින් ඉහළ යයි

රන් මිල දැනෙන ගාණකින් ඉහළ යයි

‌ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මිල බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු ඊට හේතුව වේ.

මේ අතර කොළඹ හෙට්ටිවීදියේ කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 242,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

කැරට් 24ක රන් පවුමක් රුපියල්  262,000කට අලෙවි වන බව රන්කරුවෝ පවසති. මෙය මෙරට රන් පවුමක වාර්තා වූ ඉහළම මිල වේ.

Share This