සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
ඒ අනුව මහජනතාව සෝදිසි කිරීම, රථ වාහන පාලනය හා මාර්ග බාධක රාජකාරි යෙදවීම සිදු කරනු ලබන අතර, ඒ සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරීන් 35ක් ඇතුළු පොලිස් නිලධරයන් 10,000කට අධික ප්‍රමාණයක් රාජකාරි යෙදවීමට නියමිතය.