OSA අවලංගු කිරීමට රවීගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

OSA අවලංගු කිරීමට රවීගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඔහු විසින් මෙය ඉදිරිපත් කරනු ලබන්නේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ලෙසිනි.

ඊට අදාළ ගැසට් පත්‍රය ද මේ වනවිට නිකුත් කර ඇත.

අදාළ යෝජනාව අනුව මේ පනත සම්මත වූ දින සිට 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත යටතේ සාදන ලද කිසිම රෙගුලාසියක් වෙත් නම්, එකී සියලු රෙගුලාසි ද අහෝසි වන ලෙසට සැලකියු යුතු බව ද අදාළ ගැසට් නිවේදනයක් සඳහන් වේ.

Share This