කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඇමරිකානු ජාතිකයෙක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඇමරිකානු ජාතිකයෙක් අත්අඩංගුවට

ඇමරිකානු ජාතිකයකු සන්තකයේ තිබී රුපියල් මිලියන 230ක් පමණ කුෂ් මත්ද්‍රව්‍ය  තොගයක් කටුනායක පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 23 තායිලන්තයේ සිට මෙරටට රැගෙන ඇවිත් බවයි පොලිසිය පවසන්නේ.

ඔහු විසින් රැගෙන ආ ගමන්මලු තුළ කිලෝ 01 බැගින් පැකට් විසිතුනක් සකස් කර රැගෙන ඇති බවයි පවසන්නේ.

31 හැවිරිදි මෙම ඇමරිකානු ජාතිකයා එරට ඉඩම් වෙළඳාමේ නිරත සමාගමක සේවය කරන්නෙකු ලෙස පොලිසිය පවසයි.

චන්දන ලක්මාල්

Share This