මිනිස් සිරුරට දැනෙන අධික උෂ්ණත්වයක්

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මේ දිනවල මිනිස් සිරුරට දැනෙන අධික උෂ්ණත්වයක් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව උතුර උතුරු මැද වයඹ නැගෙනහිර ඌව යන පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ප්‍රදේශවලට අධික උෂ්ණත්වයක් පවතීන බවය.
හදිසි උෂ්ණත්වයක් පවතී නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කර සෙවණැති ස්ථානවල රැඳෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
චන්දන ලක්මාල්