පළාත් කිහිපයකට අදත් තරමක තද වැසි

පළාත් කිහිපයකට අදත් තරමක තද වැසි

පළාත් කිහිපයකට අද (16) මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව මධ්‍යම සබරගමුව දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This