පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩිවෙන හැටි

රුපියල් 21,000ක්ව පැවැති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප අයවැය යෝජනාවට අනුව මේ වසරේ සිට රුපියල් 27,000ක් දක්වා වැඩි කෙරෙන බව කම්කරු අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින්, එම අමාත්‍යංශය සඳහන් කළේ, ජාතික අවම දෛනික වැටුප රුපියල් 700 සිට 1080 දක්වා වැඩි කිරීමට තීරණය ඇති බවය.
මේ වසරේදී ඉහළ දමන පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප ලබන වසරේදී රුපියල් 30,000 දක්වා ඉහළ යනු ඇත.
දෛනික වැටුප ද රුපියල් 1200 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව ද අමාත්‍යංශය සඳහන් කරයි.
මේ සඳහා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.