දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී අද (10) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව දකුණ සබරගමුව ඌව සහ මධ්‍යම පළාත්වලත් සහ අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් සහ පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
චන්දන ලක්මාල්