කොළඹ ජාතික රෝහලේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර අක්‍රිය වෙයි

කොළඹ ජාතික රෝහලේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර අක්‍රිය වෙයි

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ තිබෙන විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02 සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කියයි.

මෙලෙස බිඳවැටුණු යන්ත්‍ර දෙකම වසර විස්සකට වඩා පැරණි බවයි එම සංගමය පවසන්නේ.

ක්‍රියාකාරී තත්ත්වයේ පැවැති එකමය විකිරණ යන්ත්‍රය ඊයේ දහවල් බිඳවැටී ඇති අතර එක් යන්ත්‍රයක් මීට වසරකට පමණ පෙර සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත.

හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ යාබද පිහිටි විශේෂිත ස්නායු ඒකකයේ විකියර්ම යන්ත්‍ර භාවිතයෙන් සිදුකෙරුණු අතර ඊයේ බිඳවැටී ඇත්තේ එම යන්ත්‍රයක් බව එම සංගමය සඳහන් කරයි.

චන්දන ලක්මාල්

Share This