ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කර ඇති අයට දැනුම්දීමක්

පසුගිය මාර්තු 31වන විට හැඳුනුම්පත් ඉල්ලුම්කර ඇති සියලුම දෙනාට පළාත් පාලන මැතිවරණයට පෙර ජාතික හැඳුම්පත් ලබා දීමට පියවර ගෙන ඇතැයි පුද්ගලයින් ලියා පදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර කොමසාරිස් එම්.එල්.ඒ. සංජීව මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ මාර්තු 31වන විට සාමාන්‍ය සේවාව යටතේ ජාතික හැදුනුම් පත ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් දස දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවය.
ඒවා මේ වනවිට මුද්‍රණය කරමින් පවතින බවත් ඒවා සියල්ලම පළාත් පාලන මැතිවරණයට පෙර නිකුත් කරණ බවත් එයට අමතරව එක්දින සේවාව යටතේ දිනකට හැඳුනුම්පත් තුන් සියයක් පමණ නිකුත් කරණ බවත් ඒ මහතා පැවසීය.
පුද්ගලයින් ලියා පදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පසුගිය වසරේ හැඳුනුම්පත් නිකුත් කිරීමෙන් රුපියල් දහ හතර කෝටි අනුතුන් ලක්ෂ තිස් දෙදහස් නමසිය විස්සක වාර්තාගත ආදායමක් ලබා ඇති බවද ඒ මහතා පැවසිය.
මෙම ආදායමෙන් වැඩිම මුදල උපයාගෙන ඇත්තේ එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමෙනි.එම මුදල රුපියල් දස කෝටි අසුහතර ලක්ෂ තිස්අට දහසකි.
අනෙකුත් සේවාවන් යටතේ ලබා ඇති ආදායම රුපියල් හාර කෝටි අට ලක්ෂ අනු හතර දහස් නමසිය විස්සකි.
ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ සෑම පුද්ගලයෙක්ම වයස අවුරුදු 16ට පෙර හැඳුනුම්පත ලබාගත යුතු අතර අවුරුදු 16 ඉක්මවු පසු ඉල්ලුම්කරණ ඉල්ලුම්කරුවන් රුපියල් 2500ක දඩ මුදලක් ගෙවිය යුතු බවය.
එනිසා සියලුම දෙනා අවුරුදු 16ට පෙර ජාතික හැඳුනුම් පත ලබා ගැනීම සඳහා අයදුම් කළ යුතු බවත් ඔහු පැවසීය.
පුද්ගලයින් ලියා පදිංචිකිරමේ දකුණු පළාත් කාර්යාලය ගාල්ල වක්වැල්ල පාරේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටුවා ඇත.
අහංගම සී එස් ප්‍රියදර්ශනී