වැඩි මිලට ජල බෝතල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම්

වැඩි මිලට ජල බෝතල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම්

උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් පානීය ජල බෝතල් අලෙවි කරන වෙළෙඳුන් සොය දිවයින පුරා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, අප්‍රේල් මස පළමුවැනිදා සිට බලාත්මක වන පරිදි මෙම මිල ගණන් නියම කර ඇති බවයි.

ඒ අනුව මිලිලීටර් 500  රුපියල් 70ක්, ලීටරය රුපියල් 100ක්, ලීටර 1.5 රුපියල් 130ක්, ලීටර් 2  රුපියල් 160ක්, ලීටර 5 රුපියල් 350ක් ලෙස නියම කර ඇති අතර එකී මිල ගණන්වලට වඩා වැඩියෙන් අලෙවි කිරීම නොකළ යුතු වේ.

එමෙන්ම පැරණි මිල ගණන් සලකුණු කර ඇති සියලුම දේශීය ජල බෝතල් ද නව මිල යටතේ අලෙවි කළ යුතු බව සඳහන්ය.

එකී ජල බෝතල් ව්‍යාපාරික් ස්ථානයෙන් ඉවත් කිරීමේ හෝ නැවත නිෂ්පාදන ආයතන වෙත යොමු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර පැරණි මිල ඉවත් කිරීම, වෙනස් කිරීම, විකෘති කිරීම ද නොකළ යුතු ‌වේ.

එමෙන්ම ජල බෝතල් වැඩි මිලට විකුණනු ලබන ව්‍යාපාරික ස්ථාන වෙතොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share This