වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2025 වසරේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අප්‍රේල් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයන්ට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධිවිධාන ඇතුළත් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබුණා.
ඒ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානයක සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා උපාලි අබේරත්න යන මහත්වරුන් විසින්.
ඒ අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට අදාළව සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමේ බලය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙනු ඇති.
රාජ්‍ය සංස්ථා, ව්‍යාවස්ථාපිත මණ්ඩල හා සම්පූර්ණයෙන් රජයේ සතු සමාගම් සහ අනෙකුත් අදාළ ආයතනයන් සඳහා වන චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෙත ද අදාළ බලය පවරා ඇති බව සඳහන්.