කොරියානු විලාසිතා මිලදී ගැනීමට ඔබටත් අවස්ථාවක්

කොරියානු විලාසිතා මිලදී ගැනීමට ඔබටත් අවස්ථාවක්

K-Textile ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීම පසුගිය 20 වැනිදා කොළඹදී  සිදු කෙරුණා.

ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොරියානු රෙදිපිළි වෙළඳ සංගමය (KTTA) සහ (B&N) සමාගම ඔවුන්ගේ උපායමාර්ගික සහෝගීතාවය මතයි මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කෙරෙන්නේ.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ සහයෝගීතාවයකට මගපැදීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.

එමඟින් ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය ඉදිරියට ‌‌ගෙන යාම සහ කර්මාන්ත මෙම සහයෝගීතාවය නව ව්‍යාපාරික අවස්ථාව නිර්මාණය වනු ඇති.

සැපයුම් දාම කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ඇඟලුම් නිෂ්පාදනයේ කලාපීය ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකා කලාපයේ ඉදිරියට යාමට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රජය ලෙස අප අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බව ද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා.

Share This