රටේ ඝාතන සංස්කෘතිය ඇති කළේ එක්සත් ජාතික පක්ෂයයි

නිදහසින් පසු මෙරට තුළ ඝාතන සංස්කෘතිය ඇති කළේ, එක්සත් ජාතික පක්ෂය බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ අද (21) පැවැත්වෙන කාරක සභා විවාදයට එක්වෙමින්.
“1956, 58, අපගේ ජනතාව ඝාතනය කළේ කවුද කියලා හොයලා බලන්න. එතකොට ඔයාලාට මේක තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ 1977, 78 මේ රට තුළ වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇති කළේ කවුද කියලා දැනගන්න පුළුවන්. 1979 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනල්ලා මේ රටේ තරුණ තරුණියන් සමූහ ඝාතන සහ වධහිංසා සංස්කෘතිය නිර්මාණය කළේ එක්සත් ජාතික පක්ෂයයි.
1981 වසරේ යාපනය පුස්තකාලය ගිනි තියලා පොත් 94,000ක් විනාශ කළ පව්කාරයින් මේ පක්ෂයේ අයයි. අද මේ අය අපිට ඝාතකයින් කියලා කියනවා. ඒ වගේම ඔයාලා දන්නවා 1983 ජූලි මාස 23 සහ 29 දක්වා දිනවල බන්ධනාගාරයේ සිටි කුට්ටිමනි, ජෙගන් වැනි අයගේ ඇස් උගුල්ලලා අරන් සිරකරුවන් 53 දෙනෙකු ඝාතනය කළේ වෙන කවුරුත් නෙවෙයි, ජේ.ආර් ජයවර්ධනගේ ආණ්ඩුවයි. 1983දී කළු ජූලිය නිර්මාණය කළ අය අද එයාලා පිවිතුරු අය යැයි මේ සභාවේ අඬනවා.”