අපරාධ රැසකට සම්බන්ධ මෝල් කසුන් අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ මෝල් කසුන් අත්අඩංගුවට

අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්කරමින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකර දෙදෙනකුට බරපතල තුවාල සිදු කර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ හොර රහසේ සැඟව සිටියදී හෝමාගම ගලවිල ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලිගෑම් 5000 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්නා රමේෂ් නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ වෙඩික්කරු බවත් පොලිසිය සඳහන් කරයි.

2023 වර්ෂයේ මැයි මස 12 වෙනි දින අවිස්සාවේල්ල තල්දූව හන්දියේ සුපිරි වෙළඳසලක් අසලදී පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කිරීම, එම මස 26 වෙනි දින තල්දූව දේව ප්‍රතිමාව ඉදිරිපිටදී යතුරු පැදියකින් ගොස් ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම ඒ අතර වේ.

එමෙන්ම 2023 සැප්තැම්බර් මස 20 වැනි දිනඅවිස්සාවේල්ල තල්දූව ගුරුපස්විලදී යතුරුපැදියකින් ගොස් ගොස් තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනකුට T 56 ගිනිය අවියකින් වෙඩි තබා එයින් තිදෙනකු ඝාතනය කර තවත් අයකුට බරපතල තුවාල සිදු කිරීම සැකකරු සිදු කර තිබූ ප්‍රධාන අපරාධවලින් කීපයක් බව පොලිසිය සඳහන් කරයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Share This