Clean Sri Lanka අරමුණු ජය ගැනීමට අයවැය ප්‍රතිපාදන ඵලදායීව යෙදවීම පිළිබඳ සාකච්ඡාවක්

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka” වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 05ක ප්‍රතිපාදන වැඩසටහනෙහි මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඵලදායීව යෙදවීම පිළිබඳ සාකච්ඡාවක් “Clean Sri Lanka” වැඩසටහනේ අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සූගීෂ්වර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට චාර්ටඩ් ගොඩනැගිල්ලේදී අද (18) පැවැත්විණි.
රට තුළ ආචාර් ධර්ම, සාමාජයීය, පාරිසරික යන සියලු ක්ෂේත්‍රයන්හි නව පරිවර්තනයක් අපේක්ෂා කරමින් “Clean Sri Lanka” වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.
“Clean Sri Lanka” වැඩසටහනට අදාළව ඒ ඒ ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන්වල සැලසුම් සහ එහිදී මතුව ඇති අභියෝග සහ මූල්‍යමය අවශ්‍යතා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ඒ අනුව අදාල අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වෙත ප්‍රමුඛතා හඳුනා ගනිමින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිනි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය, විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ මුදල් කොමිසම, බස්නාහිර පළාත් මහ නගර සභාව, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යන රේඛීය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.