නැෂනල් සුපර් ලීග් තරගාවලියේ පළමු ජය කොළඹට

2025 නැෂනල් සුපර් ලීග් තරගාවලියේ පළමු සති අන්තයේ පැවැති තරගයකදී කොළඹ කණ්ඩායමට ලකුණු 87ක ජයක් හිමි විය. එම තරගය යාපනය කණ්ඩායම සමඟ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
කොළඹ සහ යාපනය කණ්ඩායම් අතර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 95කදී සියලු දෙනා දැවී ලකුණු 386ක් ලබා ගත්හ.
එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 144ක් ලබා ගත්තේය.
ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 86කට කඩුලු 6ක් දවා ගත්තේය.
අනතුරුව පළමු ඉනිම වෙනුවෙන් යාපනය පිල පන්දුවාර 90.5කදී සියලු දෙනා දැවී ලකුණු 246ක් ලබා ගත්හ.
එහිදී අංජල බණ්ඩාර ලකුණු 88ක් ලබා ගත්තේය. නිශාන් පීරිස් ලකුණු 59කට කඩුලු 5ක් දවා ගත්තේය.
අනතුරුව දෙවැනි ඉනිම ඇරඹූ කොළඹ පිල පන්දුවාර 58කදී කඩුලු 6කට ලකුණු 313ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවූයේය. එහිදී ධනංජය ලක්ෂාන් ලකුණු 75ක් ලබා ගැනීම කැපී පෙනුණි.
අනතුරුව දෙවැනි ඉනිමේදී ලකුණු 453ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය යාපනයට පන්දුවාර 111.5කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 366ක් පමණි. එහිදී රවිඳු රෂන්න ලකුණු 107ක් ලබා ගත්තේය.
මුදිත ලක්ෂාන් කඩුලු 4ක් දවා ගත්තේය.
ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාලු පිල පන්දුවාර 168කදී කඩුලු 9ක් දැවී ලකුණු 602ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවූයේය.
එහිදී නිපුන් ධනංජය ලකුණු 137ක්ද රමේෂ් මෙන්ඩිස් ලකුණු 121ක්ද ලබා ගත්හ. අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ මහනුවර පිල පන්දුවාර 88කදී සියලු දෙනා දැවී ලකුණු 350ක් ලබා ගත්තේය.
එහිදී කමිල් මිෂාර නොදැවී ලකුණු 158ක් ලබා ගත්තේය. තරගයේ අවසන් දිනය නිමා වන විට ගාලු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාර 79කදී කඩුලු 5ක් දැවී ලකුණු 269ක් ලබා ගෙන සිටියේය.
එහිදී පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 102ක් ලබා සිටියේය.
- පසිඳු මිහිරාන් රැටියල