බටලන්ද වාර්තාවෙන් රට පාවා දෙන්න හදනවා – සරත් වීරසේකර

විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් සහ සංඝයා වහන්සේලා හතලිස් නමකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කළ අතර ඒ සම්බන්ධයෙන් ද කොමිසම් වාර්තා තිබෙන බවත් ඒවාද සභාගත කළයුතු බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
“ඕනම රටක ශිෂ්ඨ සම්පන්න සමාජයක් හැටියට කෘෘර වදහිංසා වලට ලක්වෙලා තිබෙනවා නම් එය අපි හෙළා දකිනවා. අපි දැක්කා පසුගිය දිනවල මාධ්‍යවලදී ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයාව ඝාතනය කරනවා ඇස්දෙකෙන් දුටු පුද්ගලයෙක් ඉදිරිපත්වෙලා කතා කරනවා.
අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලයේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ලෙස සිටියා. ඇයි ඒ අවස්ථාවේදී මෙම වාර්තාව ඉදිරියට ගත්තේ නැත්තේ. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලවකවානුවේත් අනුර කුමාර දිසානායක මැතිතුමා ඉතා ප්‍රබල චරිතයක් රඟපෑවා දූෂණ විරෝධී කමිටුවේ. එසේනම් ඒ අවස්ථාවේදීත් මේ වාර්තා ඉදිරිපත් කළේ නැත්තේ ඇයි? තමාගේ පක්ෂයේ නායකයාව ඝාතනය කළ සම්බන්ධයෙන් තිබෙන මේ බටලන්ද සහ බටලන්ද කොමිසම ඒ අවස්ථාවේ ගත්තේ නැත්තේ යන ප්‍රශ්නයක් මතුවෙනවා.
මෙවර බටලන්ද කොමිසම කරලියට ඒම දෙමළ බෙදුම්වාදි ඩයස්පෝරාවේ හා ජනතා විමුක්ති පෙරමුණේ දේශද්‍රොහි කුමණ්ත්‍රනයක් තමයි දකින්නේ. අල්ජසිරා ඒ මාධ්‍ය සාකච්ඡාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කැඳෙව්වේ සම්පූර්ණයෙන්ම කොටි හිතවාදී සභාවක් ඉදිරියට. එතනදි එතුමාගෙන් මේ අවුරුදු විසිපහක් පැරණි කොමිසම් වාර්තාවක් අල්ජසිරා සාකච්ඡාවට ගන්නේ.
ඒ සාකච්ඡාව අරගෙන ඒ තුළින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ කියලා කියවලා මේ අවස්ථාවේදී මෙය පාර්ලිමේන්තුවට දමනු ලන්නේ අද වන විට ජිනිවා නුවර මානව හිමිකම් කවුන්සලේ බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා අපේ රටේ යුද්ධයට දායකත්වය දුන්න දේශපාලන සහ හමුදා නායකයින් වදහිංසා කළා, මානව හිමිකම් කැඩුවා සහ යුද අපරාධ කළා කියලා එයට විරුද්ධව සාක්ෂි එකතු කරන අවස්ථාවේ මේ වෙලාවේ මේ බටලන්ද කොමිසම් වාර්තාව ගෙනල්ලා අපි ඉතාම දැඩිලෙස මානව හිමිකම් කඩකරපු රටක් හැටියට ලෝකයට හදුන්වලා දෙන්න දරණ ඉතාම දරුණු පාවාදීමක් ලෙස දකින්නේ.
මෙය සම්පූර්ණයෙන්ම යුධ හමුදාව පවාදීමක්. මීට පෙර මේ කොමිසම එළියට දැමීමට තිබු අවස්ථාවන් මඟහැරලා අපිට විරුද්ධව මානව හිමිකම් කඩකලා කියලා සාක්ෂි එකතුකරන මේ අවස්ථාවේදී අපේ රටේ මේ ආකාරයට මානව හිමිකම් කඩකලා කියලා ඒ වාර්තාව එළියට දාන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශද්‍රොහි කුමණ්ත්‍රනයක්, දෙමළ ඩයස්පෝරාවත් සමඟ එකතුවෙලා. එය අපි හෙළ දකිනවා.
මේ බටලන්ද කොමිසම එළියට දානවනම් තවත් කොමිසම් වාර්තා ඕනතරම් තිබෙනවා. ප්‍රේමකීර්ති අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් වැනි පිරිස් ඝාතනය සහ සංඝයා වහන්සේලා හතලිස් නමකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කළා. ඒ සම්බන්ධයෙනුත් කොමිසම් වාර්තා තිබෙනවා. ඒවත් එළියට අරගන්න අවශ්‍යයි.
ඒ වගේම අපේ රටේ විනයක් තිබුණා 1971 වන තුරු. 1971 සිට ජනතා විමුක්ති පෙරමුණ මේ භීෂණය ඇතිකළේ. ඒ වගේම උතුරේ ත්‍රස්තවාදය ආරම්භ කරන්නත් ඔවුන් පන්නරය ගත්තේ මේ දකුණේ මේ ත්‍රස්තවාදයෙන්.
අපේ රට ගුරුවරුන්ට, පූජක පක්ෂයට, වැඩිහිටියන්ට ගරුකර රටක්. මේ සියලුදෙනා විනාශ කරලා තරුණයින්ගේ මොල සෙදුවේ මේ ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් තමයි විදුහල්පතිවරු, ගුරුවරු, ග්‍රාමසේවකයින් ඝාතනය කළේ. ට්‍රාන්ස්පෝමර් පිපිරවීම්, බස් ගිණි තිබ්බේ සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණයි.
ඒවත් පරීක්ෂාවට ලක්විය යුතුයි. එදා තුන්ඩු කෑලි රට තුළම භීෂණය ඇතිකළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඩබ්.ඩී.වීරසිංහ අපේ අම්පාර තරුණ හිටපු මන්ත්‍රිවරයාගේ කුඩා කාලයේ ඔහුගේ ඉදිරියේ තමයි ඔහුගේ පියාව දණගස්වලා වෙඩිතියලා මැරුවේ. ඒ වගේම එතුමාගේ පුතා ඉදිරියේ තමයි මේ ඊයේ පෙරේදා තිබුණු අරගලය අවස්ථාවේ එතුමාගේ නිවස ගිනිබත් කළේ.
ඉතාම ම්ලේඡ ලෙස ක්‍රියාකරපු ජනතා විමුක්ති පෙරමුණ අද මේ බටලන්ද කොමිසම ගේනවා කියන එක ඉතාම හාස්‍ය ජනකයි. එදා ඉන්දියන් හමුදාවට වදුරු හමුදාව ලෙසද ප්‍රකාශ කළ අතර, ඉන්දියාවෙන් එන පරිප්පු කන්න එපා කියලා ජනතාවට බල කළා. අද මෝදිව බදාගෙන ඉන්නවා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ තමයි සාම්පූර් බලාගාරය විවෘත කරන්න හැදුවේ. අද වන විට මෝදිව ගෙන්වලා සාම්පූර්වල තව බලාගාරයක් හදන්න යනවා. මෙය තමයි ජනතා විමුක්ති පෙරමුණේ අලුත්ම මුහුණුවර.”