රජයේ රස්සා දෙන්න ලක්ෂ 50ක් ගත්ත දෙදෙනෙක් අත්අඩංගුවට

රජයේ රස්සා දෙන්න ලක්ෂ 50ක් ගත්ත දෙදෙනෙක් අත්අඩංගුවට

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන්දහක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කට්ටිගල සහ පදලංගල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඔවුන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී එක් සැකකරුවෙක් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අනෙක් සැකකාරිය රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කරේ.

චන්දන ලක්මාල්

Share This