චමල් රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා පක්ෂයට කියලා නැහැ

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණයට තරග කරන බවට පක්ෂය දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරනු ලබන අපේක්ෂකයන් තේරීම ඊයේ (09) දින තංගල්ල කාල්ටන් නිවසේ පැවැත්වුණා.
එම වැඩසටහනට සහභාගී වෙමින් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, පළාත් පාලන අපේක්ෂකයන් කැමැති නම් තමන් ද මෙම මැතිවරණයට තරග කරන බවයි.