කල් ඉකුත් වූ සත්ත්ව ආහාර මෙට්‍රික් ටොන් 13.5ක් විනාශ කිරීමට නියෝග

කල් ඉකුත් වූ සත්ත්ව ආහාර මෙට්‍රික් ටොන් 13.5ක් විනාශ කිරීමට නියෝග

කල් ඉකුත්වීම හේතුවෙන් වෙළදපොලෙන් ආපසු කැඳවන ලද සත්ව ආහාර කිලෝග්‍රෑම් 13,500 පමණ විනාශ කිරීමට හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අදාළ කුරුණෑගල , බින්ගිරිය ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන ආයතනය පසුගිය 27 වැනිදා වටලා තිබුණා.

ඒ, ඉකුත් වීම නිසා වෙළදපොලෙන් ඉවත්කරනු ලබන සත්ව ආහාර, නව සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේදී නැවත භාවිත කරමින් ඒවාට එකතුකරන බවට ලද පැමිණිල්ලක් මතයි.

එහිදී අදාළ සත්ව ආහාර තොගය සිය භාරයට ගත් බවයි, පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වන විමර්ශනවලින් අනතුරුව කල් ඉකුත් වූ සත්ව ආහාර, සත්ව ආහාර නිෂ්පාදනාගාරයක් තුල අනෙකුත් භාණ්ඩ සමග එක්ව ගබඩා කිරීම සම්බන්ධව අදාල ආයතයට එරෙහිව 2025.03.06 දින හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් පවරා තිබුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අධිකරණය වරද පිළිගත් අදාළ සමාගමට රුපියල් 10,000ක දඩ මුදලක් නියමකර අදාල කල් ඉකුත් වූ සත්ව ආහාර තොගය අධිකරණයේ සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට නියෝග කළා.

Share This