බුවනෙක ගුණතිලක අවසන් මහා තරගයට

HUNDRED SRI LANKA INTERNATIONAL SERIES 2025 තරගාවලියේ පිරිමි කේවල අවසාන තරගයට සුුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාවේ බුවනෙක ගුණතිලක සමත් වුණා.
ඒ, කොරියානු ක්රීඩක කිම් බයියුන්ග් ජේ තරග වට 2 -1 ක් ලෙස පරාජය කරමින්.
බුවනෙක තෙවන වටයේදී ප්රතිවාදී කිම් ලකුණු 20 – 15 ක් ලෙස ඉදිරියෙන් සිටියදී හඹා ගොස් ලකුණු 22 – 20ක් ලෙස ජයගැනීමත් විශේෂත්වයක්.
ශ්රී ලංකාවේ හිටපු ජාතික සූරයෙකු වන බුවනෙක, වර්ථමානයේ ශ්රී ලංකා බැඩ්මින්ටන් පිටියේ සිටින ක්රීඩක ක්රීඩිකාවන් අතර ප්රවීනම සහ අත්දැකීම් බහුලම ක්රීඩකයෙක් වනවා.