තුන්වැනි ණය වාරිකයට IMF විධායක මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 344 ක තුන්වැනි ණය වාරිකයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සම්පූර්ණ ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.34ක් වන බව සඳහන්.
2023 මාර්තු 20 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විස්තීරණ ණය පහසුකමේ සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වනවා.