පැහැරගැනීම්කරුවන් විසින් ඇඟිල්ලක් කපා දැමූ චීන සිසුවෙකු පිලිපීන පොලිසිය බේරා ගනී

පැහැරගැනීම්කරුවන් විසින් ඇඟිල්ලක් කපා දැමූ චීන සිසුවෙකු පිලිපීන පොලිසිය බේරා ගනී

චීන නායකත්වයෙන් යුත් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් සිටි චීන සිසුවෙකු පිලිපීන පොලිසිය විසින් ආරක්ෂිතව සොයා ගෙන තිබේ.

පැහැරගත් කණ්ඩායම සිසුවාගේ ඇඟිල්ලක් කපා දමා ඔහුගේ රියදුරු මරා දමා ඇත. පසුව ඔහුගේ දෙමාපියන්ට විශාල කප්පම් මුදලක් ගෙවීමට බල කර තිබේ. පළමුව ඔවුන් සිසුවාගේ පවුලට බලපෑම් කර තිබුණේ ඩොලර් මිලියන 20 ක කප්පම් මුදලක් ගෙවීමටය. නමුත් එය පසුව ඩොලර් මිලියන 1 දක්වා අඩු කරන ලදී. නමුත් දෙමාපියන් කප්පම් ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. පැහැරගත් අය අඟහරුවාදා රාත්‍රියේ මැනිලා අගනගරයේ කාර්යබහුල වීදියක් මැද 14 හැවිරිදි සිසුවා අතහැර දමා ගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම සිසුවා පැහැරගෙන ගොස් තිබුණේ පෙබරවාරි 20 වන දින මැනිලා හි බ්‍රිතාන්‍ය පාසලක පන්තිවලට සහභාගී වීමෙන් පසුය.

– සඳුනි තිලකරත්න

Share This