වෙනිසුවෙලාවේ චෙව්රොන් සමාගමේ තෙල් බලපත්රය අවලංගු කරන්න ට්රම්ප්ගෙන් තීරණයක්

වෙනිසියුලාවේ තෙල් දැවැන්තයෙකු වන චෙව්රොන් සමාගමට ක්රියාත්මක වීමට ලබා දුන් අවසරය අවලංගු කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කරයි. එමඟින් වාමාංශික විරුද්ධවාදියෙකු වන නිකොලස් මධුරෝ විසින් පවත්වාගෙන යනු ලබන අස්ථාවර ආර්ථිකයක තීරණාත්මක ආදායම් මාර්ගයක් ඉවත් කරනු ඇත.
නව එක්සත් ජනපද පරිපාලනය පීඩනය වැඩි කිරීමට වඩා ප්රායෝගික මැදිහත්වීමක් කෙරෙහි අවධානය යොමු කරන බවට ලකුණක් ලෙස මුලින් සලකනු ලැබුවේ කැරකස් වෙත ගිය සංචාරයයි. එහිදී කැරකස් වෙත ගිය එක්සත් ජනපද නියෝජිතයෙකුට පිටුවහල් කරන ලද වෙනිසියුලානු ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට වූ පොරොන්දුව ඉටු කිරීමට මධුරෝ අපොහොසත් වූ බවට ට්රම්ප් චෝදනා කළේය.
2022 දී හිටපු ජනාධිපති ජෝ බයිඩන් සම්බාධක ලිහිල් කළ අතර රඳවාගෙන සිටින ඇමරිකානුවන් නිදහස් කිරීම සහ සාධාරණ මැතිවරණයකට ඉඩ දෙන බවට මදුරෝ දුන් පොරොන්දුව වෙනුවෙන් වෙනිසියුලාවේ ක්රියාත්මක වීමට චෙව්රොන්ට අවසර දුන්නේය.
මදුරෝ විපක්ෂය පසෙකට දමා සිටින බව පැහැදිලි වූ විට මැතිවරණයට පෙර එක්සත් ජනපදයේ තෙල් මිල ඉහළ යාමක් ඇති කිරීමේ කනස්සල්ල හේතුවෙන් බයිඩන් නැවත බොහෝ සම්බාධක පැනවීය.
– සඳුනි තිලකරත්න