ඩොලර් මිලියන 5කට අමෙරිකාවේ ස්ථිර පදිංචිය

ඩොලර් මිලියන 5කට අමෙරිකාවේ ස්ථිර පදිංචිය

අමෙරිකානු රජය විසින් ගෝල්ඩ් කාඩ් ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාදීමට ඩොලර් මිලියන 5ක් අය කරන බවයි, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.

මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිත කෙරෙන ග්‍රීන් කාඩ් හා සමාන ප්‍රතිලාභ ගෝල්ඩ් කාඩ් ලබා ගන්නා පුද්ගලයින්ට ද හිමි වන බව සඳහන්.

රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම ගෝල්ඩ් කාඩ් ලබා දෙනු ඇති.

 

Share This