ගැටළුවලට විසඳුම් සොයමින් ආණ්ඩුව අඳුරේ අතපත ගානවා
පා. මන්ත්‍රී ආරියවංශගෙන් චෝදනා
ගොවි තරුණයන්ට අමුඩ අන්දවා හතරමන් හන්දි ගානේ ඇවිදවමින්, රටේ ගොවි ජනතාව වගාකළ ගොයම් හපා කමින්, කෙසෙල් කැන් පොළොවේ ගසමින් ගොවීන්ට නැති ගැටළු උලුප්පා විරෝධතා දැක්වූ මාලිමා නායකයන් අද ජනතා ගැටළුවලට විසදුම් සොයමින්, අඳුරේ අතපත ගාමීන් සිටින බවට සමගි ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බී. ආරියවංශ මහතා චෝදනා කරනවා.
සමගි ජනබලවේගයේ ගොඩකවෙල බලවින්න කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි බී. ආරියවංශ මහතා,
“රට නැවත ගොඩගැනීම සඳහා අප පසුගියදා එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජනබල වේගය එකතු වීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.. එම සාකච්ඡාවේදී සමගි ජනබල වේගයේ ප්‍රබලයින් කීප දෙනෙක් ඊට විරෝධතාවයක් පැවැත්වූ බවට සමහර මාධ්‍ය දක්වා තිබුණා.. නමුත් එහිදී කිසිම විරෝධතාවක් ඇති වුණේ නැහැ.. සාකච්ඡාවට මමත් සම්බන්ධ වුණා.. ඒ සාකච්ඡාවට සජබයේ ප්‍රබලයෝ රැසක් සම්බන්ධ වී සිටියා..සුහදශීලීව එම සාකච්ඡා පැවැත්වුණා.. එජාප කියන්නේ දශක ගණනාවක් මේ රටේ දැවැන්ත සංවර්ධන ක්රියාාවලියක් සිදුකළ පක්ෂයක්.. මේ වනවිටත් සමගි ජනබල වේගයේ සියයට අනුවක් සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයිනුයි.. ඩී.එස්.සේනානායක මැතිතුමාගේ සිට ආර්.ප්‍රේමදාස මහතා දක්වා එජාප නායකයින් රටට සිදුකර ඇති යෝධ සංවර්ධන ව්‍යාපෘති මේ දක්වා කිසිවෙකුට කිරීමට හැකියාවක් ලැබී නැහැ.. එතරම් වැඩ කොටසක් රටට සිදුකළ පක්ෂයක් රට තුළ පරාජයට පත්වුණේ බලයට පත්වු පක්ෂය බොරුව සමාජ ගත කළ නිසයි..
එලෙස සමාජ ගතකළ බොරුව පිළිබදව ජනතාව දැන් සත්‍ය අවබෝධ කරගනිමින් සිටිනවා.. එම නිසයි පසුගියදා පැවත්වනු ලැබු සමූපකාර ජන්දවල සජබය අති විශීෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් සිටින්නේ.. බලය ලබා ගැනීමට පෙර ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු එකක්වත් ජනතාවට ලබා දීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා.. ඒ නිසාවෙන්ම ආණ්ඩුව මේ වනවිට අඳුරේ අතපත ගාමින් සිටිනවා.. කොටින්ම කියනවානම් හත්පොලේ ගාගෙන තිබෙනවා.. රටින් සහල් ඇටයක් ගේන්නේ නැහැ කියපු අය රටින් හාල් ගෙන්වනවා.. වී වලට සහතික මිලක් දීගන්න බැරිව තටමනවා.. සහල් වෙළෙන්දෝ තමන්ට හිතූ හිතූ මිල ගණන් යටතේ පාරිභොගිකයන්ට සහල් අළෙවි කරමින් සිටිනවා.. පොල් අර්බුධයේ ඇත්ත ස්වභාවය හදුනාගන්න නොහැකිව ලතවෙනවා.. සතියෙන් පාස්පෝට් පෝලිම නැති කරනවා කිව්වා ඒ ගැටලුව එක තැන තවම පල්වෙනවා..”