සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව ජුනි 09 දක්වා කල්යයි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි 09 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.
අදාළ නඩු අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
මෙම නඩු හතරේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත්, තීන්දු තවමත් සූදානම් කර නොමැති බව විනිසුරුවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව නඩුවල තීන්දු ප්‍රකාශයට පත් කිරීම ජුනි 09 වනදා සිදු කරන බවට අධිකරණය නියෝග කළා.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩු ගොනු කර තිබෙනවා.
