බලය වෙනුවට පවුල තෝරාගෙන අමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානී ඉල්ලා අස්වෙයි
ඇමරිකාවේ දේශපාලන වේදිකාව මේ දවස්වල ආයෙත් උණුසුම් වෙලා. ඒකට හේතුව වුණේ Tulsi Gabbard හදිසියේම තමන්ගේ ඉහළම ආරක්ෂක තනතුරෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කිරීම.
ඇය හිටියේ Donald Trumpගේ පාලනය යටතේ ඇමරිකාවේ “National Intelligence Director” ලෙස. ඒ කියන්නේ රටේ බුද්ධි අංශ කිහිපයකම ප්‍රධානියා වගේ තනතුරක්.
ඒත් මේ තීරණය ගන්න ඇයට හේතු වුණේ දේශපාලනයක් නෙවෙයි.
ඇයගේ සැමියා වන Abraham Williamsට ඉතා දුර්ලභ අස්ථි පිළිකාවක් හඳුනාගෙන තිබුණා.
Tulsi Gabbard තම ඉල්ලා අස්වීමේ ලිපියේ කියලා තිබුණේ,
“මේ සටන ඔහු තනිවම මුහුණ දෙන්න මට ඉඩ දෙන්න බැහැ” කියලා.
ඒ වචන එක්ක ඇය ජූනි 30 සිට තම තනතුරෙන් ඉවත් වෙන බව නිල වශයෙන් දැනුම් දුන්නා.
Trumpත් ඇයගේ ඉවත් වීම පිළිබඳ ප්‍රකාශයක් කරලා තිබුණා.
“Tulsi අතිවිශිෂ්ට සේවයක් කළා. අපි ඇයව අනිවාර්යයෙන්ම මගහැරෙනවා,” කියලා ඔහු සඳහන් කර තිබුණා.
ඒත් Washington දේශපාලන වටපිටාව ඇතුළේ වෙනම කතාවකුත් පැතිරුණා. සමහර ආරංචි මාර්ග කියන්නේ, White House එක ඇය ගැන සම්පූර්ණයෙන් සතුටින් හිටියේ නැහැ කියලා. විශේෂයෙන් Iran සම්බන්ධ ඇයගේ මෘදු අදහස් සහ Trump පාලනය ඇතුළේ තිබුණු මතභේද නිසා ඇයට පීඩනයක් තිබුණා කියලාත් වාර්තා වුණා.
Tulsi Gabbard කියන්නේ සාමාන්‍ය දේශපාලනඥයෙක් නෙවෙයි.
හිටපු සෙබළියක්. හිටපු ඩිමොක්‍රැටික් පක්ෂ සභිකාවක්. පසුව Trumpට සමීප වෙලා Republican පාර්ශවයට එකතු වූ චරිතයක්.
ඇයගේ කාලය පුරාම රුසියාව, Syria, Iran වගේ විදේශ ප්‍රතිපත්ති ගැන ඇය දැක්වූ අදහස් දැඩි විවාදවලට ලක්වුණා. ඒ නිසාම සමහරුන්ට ඇය “Trumpගේ විශ්වාසවන්තයා” ලෙස පෙනුණත්, තවත් අයට ඇය “විවාදාත්මක චරිතයක්” වුණා.
ඒත් මේ සියලු දේශපාලන කතා මැද, අවසානයේ ඇය තෝරාගෙන තිබුණේ බලය නෙවෙයි… පවුල.
ලෝකයේ බලවත්ම රටක බුද්ධි අංශ ප්‍රධානියාගේ පුටුව අතහැරලා, අසනීපයෙන් සටන් කරන තම සැමියා ළඟට යන්න ඇය තීරණය කළා.
