ඉරානයට නැවතත් අමෙරිකානු ප්‍රහාර

මැදපෙරදිග යුද උණුසුම තවදුරටත් ඉහළ යන අතරේ, ඇමරිකානු හමුදාව ඉරානයට අදාළ ඉලක්ක කිහිපයකට “ස්වයං ආරක්ෂක ප්‍රහාර” එල්ල කර ඇති බව ඇමරිකානු මධ්‍යම හමුදා කඳවුර වන CENTCOM ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තිබූ ඉරාන මිසයිල දියත් කිරීමේ ස්ථාන සහ බෝට්ටු කිහිපයකටයි.
මෙය සිදුවෙන්නේ යුද විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන පසුබිමක වීම විශේෂත්වයක්.
මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කරලා තිබුණේ, ඇමරිකාව සහ ඉරානය අතර “අවබෝධතා ගිවිසුමක්” සකස් කිරීමේ කටයුතු මේ වෙද්දී සිදුවෙමින් පවතින බවයි.
හැබැයි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සම්බන්ධ වචන භාවිතය ගැන තවමත් දෙපාර්ශ්වය අතර මතභේද පවතින නිසා, අවසන් එකඟතාව තවමත් ප්‍රමාද වෙලා තියෙනවා කියලා ඇමරිකානු නිලධාරීන් සඳහන් කරනවා.
ඒ අතරේ තවත් උණුසුම් තත්ත්වයක් මතුවෙලා තියෙන්නේ ඊශ්‍රායලය පැත්තෙන්.
ඊශ්‍රායල ආරංචි මාර්ග කියන්නේ, ඉදිරි කාලයේදී ලෙබනනය තුළ තම හමුදා මෙහෙයුම් තවත් පුළුල් කරන්න ඊශ්‍රායලය සූදානම් වන බවයි.
එම ක්‍රියාමාර්ග ඇමරිකාව සමඟ සම්බන්ධීකරණය කරමින් සිදුකරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා.
මේ හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තත්ත්වය තවදුරටත් අර්බුදකාරී අතට හැරෙමින් පවතින බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.
