සතයක්වත් අපි අපි වැඩිපුර ගෙවලා නෑ – නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන

මාර්ග සංවර්ධන අධිකාරියෙන් එකම ගෙවීම දෙවතාවක් කරලා තියෙනවා කියන කතාව සම්පූර්ණයෙන්ම වැරදි කියලා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන කියනවා.

ඒ කියන්නේ, ප්‍රධාන ගිණුමෙන් හරි, වෙනත් සම්බන්ධ ගිණුමකින් හරි, කිසිම සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට එකම ගෙවීම දෙවරක් කරලා නෑ කියලා ඔහු පැහැදිලි කරලා තියෙනවා.

මේ ගැන කියලා තියෙන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර කරපු චෝදනාවකට පිළිතුරු දෙන වෙලාවේ.

ඒ වගේම ගෙවීම් කරන ක්‍රමවේදයෙත් කිසිම වෙනසක් කරලා නෑ කියලාත් ඔහු කියනවා.

Share This