ජපානයේ උතුරු දූපතක් වන Hokkaido වලට ප්‍රබල භූමිකම්පාවක්
අප්‍රේල් 27 අලුයම ජපානයේ උතුරු දූපතක් වන Hokkaido වලට ප්‍රබල භූමිකම්පාවක් වෙලා තියෙනවා කියලා අමෙරිකා සහ ජපාන කාලගුණ ආයතන කියනවා. මේකත් ඒ රටට මේ කාලේ වෙලා තියෙන කම්පන මාලාවේ අලුත්ම එකක්.
රික්ටර් මාපක 6.2 ක ශක්තියෙන් තිබුණු මේ භූමිකම්පාව උදේ 5.23ට වෙලා තියෙනවා. Hokkaido දකුණු පැත්තේ කිලෝමීටර් 80ක් පමණ ගැඹුරින් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මුලින්ම 6.1ක් කියලා හිතාගෙන තිබුණත් පස්සේ ඒක 6.2ක් වෙලා කියලා හඳුනාගෙන තියෙනවා.
සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරලා නැහැ කියලා ජපාන කාලගුණ ඒජන්සිය කියනවා. සප්පොරෝට කිලෝමීටර් 200ක් පමණ නැගෙනහිරින් තියෙන, ජනගහනයත් අඩු කලාපයක් නිසා, දේපළ හානි හෝ ජීවිත අනතුරු වැඩි වෙන්න ඉඩ අඩුයි කියලා අමෙරිකා භූ විද්‍යා ආයතනයත් කියලා තියෙන
වා.
