රුසියානු තානාපති හා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා හමුවෙලා තියෙනවා.
මේ හමුව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එහිදී දෙරට අතර තියෙන සබඳතා තවත් ශක්තිමත් කරගන්න විදිහ ගැන සහ ආර්ථික සහයෝගීතාව වැඩිදියුණු කරගන්න හැකි ක්‍රම ගැන සාකච්ඡා කරලා තියෙනවා.
රුසියානු තානාපතිවරයා කියලා තියෙන්නේ, ඉදිරියටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙන බවයි.
තවද, මේ හමුව දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවත්
ශක්තිමත් කරගන්න හොඳ අවස්ථාවක් වෙන බවත් ඔහු අවධාරණය කරලා තියෙනවා.
