රුපියල ඉදිරියටම යයි – ඩොලරය පසු බසී

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අදත් තවත් ශක්තිමත් වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම විනිමය අනුපාතිකවලින් පේනවා.

ඒ අනුව අද දවසේ අමෙරිකානු ඩොලරයක් මිලදී ගැනීමේ අගය රුපියල් 318.32ක් ලෙසත්, විකිණීමේ අගය රුපියල් 328.69ක් ලෙසත් සටහන් වෙලා තියෙනවා.

විශේෂත්වය වෙන්නේ, පසුගිය දින කිහිපය තුළ රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබුණු පසුබිමක මේ වෙනස සිදුවීමයි.

ඒ කියන්නේ, පසුගිය සිකුරාදා ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.63ක් සහ විකිණුම් මිල රුපියල් 354.03ක් දක්වා ඉහළ ගිහින් තිබුණා.

හැබැයි අද වෙද්දී ඒ අගයන් සැලකිය යුතු ලෙස පහළ ගිහින් තියෙනවා.

Share This