මි.මී 100 ඉක්මවන තද වැසි අද දහවල් 1න් පසු පරිස්සමෙන්! කාලගුණ දෙපාර්තමේන්තු අනතුරු ඇඟවීම

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ අද දවස්වල පස්වරු 1ට පස්සේ දිවයිනේ බොහෝ තැන්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, අනුරාධපුර වගේ ප්‍රදේශවල සමහර තැන්වල මිලිමීටර් 100ට වඩා තද වැසි ලැබෙන්නත් ඉඩ තියෙනවා.

ඒ වගේම අළුයම් වෙලාවට මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව පළාත් සහ ගාල්ල, මාතර, කුරුණෑගල වගේ ප්‍රදේශවල මීදුමත් තියෙන්න පුළුවන්.

ගිගුරුම් වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවෙන්න පුළුවන් නිසා, ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්න කියලාත් ජනතාවට දැනුම් දෙනවා.

Share This