මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසෙහි 2අදියර (රඹුක්කන සිට ගලගෙදර දක්වා) කොන්ත්‍රාත්තු පිරිනැමීමට අනුමැතිය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3වන කොටසේ 2වන අදියර, එනම් රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.මෙම කොටස කිලෝමීටර් 13.8 සිට 32.45 දක්වා දිවෙන අතර, රජයේ මුදල් යොදාගෙන කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ඉදිකිරීම් සිදු කිරීමට නියමිතයි.
ඒ සඳහා දේශීය ඉදිකිරීම් සමාගම් අතර තරගකාරී ලංසු කැඳවා තිබූ අතර, පැකේජ අනුව සමාගම් රැසක් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පහත සමාගම් වෙත කොන්ත්‍රාත් ලබාදීමට අනුමැතිය හිමිව තිබෙනවා.
🔹 2A පැකේජය – මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ්
රුපියල් බිලියන 14.90කට
🔹 2B පැකේජය – කේ.ඩී.ඒ. වීරසිංහ ඇන්ඩ් කම්පැනි
රුපියල් බිලියන 14.71කට
🔹 2C පැකේජය – ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම්
රුපියල් බිලියන 14.12කට
🔹 2D පැකේජය – නෙම් කන්ස්ට්‍රක්ෂන්
රුපියල් බිලියන 16.39කට
🔹 2E පැකේජය – ඇක්සස් ඉංජිනියරින් PLC
රුපියල් බිලියන 18.70කට
🔹 2F පැකේජය – එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි
රුපියල් බිලියන 14.52කට
🔹 2G පැකේජය – මාගා ඉංජිනියරින්
රුපියල් බිලියන 19.10කට
මෙම සියලු මුදල් එකතු කළ අගය මත බද්ද (VAT) රහිත බවද සඳහන්.
