මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රුපියල් කෝටි 110ක් වටින මත්ද්‍රව්‍ය තොගයක් එක්ක කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත්ත චීවරධාරීන් 22 දෙනාව මැයි 2 වෙනිදා වෙනකම් රඳවාගෙන ප්‍රශ්න කරන්න කියලා අධිකරණයෙන් අවසර දීලා තියෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරක් මත තමයි මේ අය අත්අඩංගුවට ගත්තේ.

ඔවුන් ගෙනා ගමන්මලු වල පාසල් උපකරණ, රස කැවිලි වගේ දේවල් දාලා, යටින් ව්‍යාජ පතුල් හදලා ඒ තුළ කිලෝ 110කට වැඩි කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය හංගලා තිබුණා කියලා හොයාගෙන තියෙනවා. එක් එක් කෙනාගේ ගමන්මලු වලම කිලෝ 5කට වඩා මත්ද්‍රව්‍ය තිබුණා කියලාත් කියනවා.

මේක කටුනායක ගුවන් තොටුපල ඉතිහාසයේ අල්ලපු විශාලම මත්ද්‍රව්‍ය තොගය කියලත් කියනවා. ඒ වගේම චීවරධාරීන් මේ වගේ මත්ද්‍රව්‍ය එක්ක අත්අඩංගුවට ගත්ත පළවෙනි වතාවත් මේකයි.

මේ පිරිස 22 වෙනිදා තායිලන්තයට ගිහින් තියෙන්නේ කාගේහරි අනුග්‍රහයෙන් දුන්න ගුවන් ටිකට් මත. එහෙදී ඔවුන් සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන වෙන වෙන වැඩ වල නිරත වෙලා ඉන්න ෆොටෝ, වීඩියෝ ඔවුන්ගේ ෆෝන් වලින් හම්බවෙලා තියෙනවා.

මේ අය දිවයිනේ විවිධ තැන්වලින් ආපු අය, සහ සමහර අය උසස් අධ්‍යාපනයත් කරනවා කියලා හඳුනාගෙන තියෙනවා.

ඊයේ (26) පස්වරුවේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. එතනදි අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය මේ 22 දෙනාව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර දුන්නා.

මේකට සම්බන්ධ වෙලා විදෙස් සංචාරය සංවිධානය කරපු ප්‍රධාන සැකකාර හිමිනමත් පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා.

Share This