අගමැතිනිය කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය වැදපුදා ගනී
අගමැතිනිය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය වැදපුදා ගන්න ගිහින් තිබුණා.
එතනදි රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක වහන්සේ වන කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැකලා ආශිර්වාද ගත්තා. ඒ වගේම කතරගම කිරිවෙහෙර චෛත්‍යයට වැඳ නමස්කාර කරලා, මහසෙන් දෙවියන්ටත් දැඩිමුණ්ඩ දෙවියන්ටත් වැඳලා ආශිර්වාද ගත්තා.
ඊට පස්සේ රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයේ තියෙන පුරාණ කිරි විහාර බුද්ධ මන්දිරයටත් ගිහින් නමස්කාර කරලා ආශිර්වාද ලබාගෙන තියෙනවා.
වෙළඳ හා ආහාර සුරක්ෂිත නියෝජ්‍ය අමාත්‍ය R.M. ජයවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා, කතරගම දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මහතා, වාසනා බේකර්ස් නිර්මාතෘ දයානන්ද බෝඹුවල මහතා සහ කතර
ගම ප්‍රාදේශීය සභා සභාපති H.M.D. හේරත් මහතා ඇතුළු පිරිකුත් මේ ගමනට එක්වුණා.
