බේරුවල වරායේ මත්ද්‍රව්‍ය විකිණු අයෙක් පොලිසියෙන් බේරෙන්න මුහුදට පැනලා

බේරුවල ධීවර වරාය පැත්තේ මත්ද්‍රව්‍ය අලෙවි කරගෙන හිටපු පුද්ගලයෙක් පොලිසියෙන් බේරෙන්න මුහුදට පැනලා, පස්සේ ඔහු ගිලි මියගිහින් තියෙනවා කියලා පොලිසිය කියනවා.
මියගිය පුද්ගලයා කවුද කියලා තාම හඳුනාගෙන නැහැ කියලාත් කියනවා.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව, බහුදින ධීවර යාත්‍රාවක ඉඳලා මේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියා කියලා. ඒකට අනුව පොලිසිය බෝට්ටුව වැටලුවාම, සැකකරු බේරෙන්න වෙනත් යාත්‍රාවකට නැගලා අන්තිමට මුහුදට පැනලා.
ඊට පස්සේ ඔහු සොයාගෙන යන්න පොලිසිය සෝදිසි කළත් හම්බුනේ නැහැ. හැබැයි අද (18) ඔහුගේ මළ සිරුර බේරුවල වරාය ආශ්‍රිත මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන්ට හමු වෙලා තියෙනවා.
