බස් ගාස්තු වැඩි නොකලොත් ධාවනයෙන් ඉවත් වෙනවා!

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග තීරණය කිරීම සඳහා පෞද්ගලික බස් සංගම් අද (02) විශේෂ සාකච්ඡාවක් පැවැත්වන්න යනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, සියලු බස් සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වෙන බවයි.
ඔහු පෙන්වා දෙන්නේ, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, මේ සම්බන්ධයෙන් රජයෙන් ප්රමාණවත් ප්රතිචාරයක් මෙතෙක් ලැබී නැති බව සදහන්.
ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් ප්රකාශ කළේ, වත්මන් තත්ත්වය යටතේ කර්මාන්තය පවත්වාගෙන යාම අපහසු බැවින් බොහෝ බස් හිමියන් ධාවනයෙන් ඉවත් විය යුතු බවට අදහස් පළ කරලා තියෙනවා.
කෙසේ වෙතත්, බස් ධාවනය සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය බස් සංගම් ප්රධානීන් සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව නිල වශයෙන් ප්රකාශ කරන බවද ඔහු සඳහන් කරනවා.
