ඩෙංගු රෝගය උත්සන්න වන ලකුණු!

මෙම වසරේ ගතවූ මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 33,572 දෙනෙකු සහ මරණ 19ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළේ මැයි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 8,321 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

වාර්තා වන රෝගීන් අතර වැඩිම පිරිසක් හමුවී ඇත්තේ කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින්.

වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි. එසේම දකුණු පළාතෙන් සියයට 16ක් සහ සබරගමුව පළාතෙන් සියයට 9ක් වාර්තා වන බවද ඇය සඳහන් කළා.

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 72ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, ජනතාව තම නිවාස හා අවට පරිසරය පිරිසිදුව තබා මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

Share This