පාසල් ළමුන්ගෙන් සියයට 20ක් මන්දපෝෂණයෙන් – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ මෙරට පාසල් දරුවන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ මේ තත්ත්වය නිසා ඉදිරියේදී එම දරුවන් තරුණ වියට හා වැඩිහිටි වියට පැමිණි විට ස්ථූලභාවයට පත්වීමේ අවදානමක් ඇති බවයි.

ජාතික පෝෂණ මාසයට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් ප්‍රකාශ කළා.

ඔහු කියන විදිහට සමීක්ෂණ අනුව මෙරට දරුවන් අතර මන්දපෝෂණය, මිටි බව, බර අඩුකම වගේ ගැටලු තවමත් තියෙනවා. ඒ අතර බර වැඩිවීම වගේ තත්ත්වය ඉතා අඩු මට්ටමක පවතින බවත් ඔහු සඳහන් කළා.

තවද කුඩා කාලයේ ඇතිවන මන්දපෝෂණය ඉදිරියේදී ස්ථූලභාවයට පරිවර්තනය වීමේ ප්‍රවණතාවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.

Share This