පාකිස්ථානය අග්‍රාමාත්‍ය,ෆීල්ඩ් මාර්ෂල් සාමය වෙනුවෙන් කල කැපකිරීමට ස්තුතියි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 17 වෙනිදා ප්‍රසිද්ධියේම පකිස්තානයේ නායකත්වය ප්‍රශංසා කරලා තියෙනවා. ඔහු කියන්නේ, හෝර්මුස් සමුද්‍ර මාර්ගය වටා උද්ගත වෙමින් තියෙන ආතතිය අඩු කරන්න සිදු කරන සාකච්ඡා වලට පකිස්තානය දායක වුණේ වැදගත් මට්ටමකින් කියලා.

ට්‍රම්ප් කියපු දේවල් සහ ඔහුගේ සමාජ මාධ්‍ය පෝස්ට් වලදී, පකිස්තානයේ ප්‍රධාන නායකයන් — ප්‍රධානම වශයෙන් අගමැති ශෙහ්බාස් ශරීෆ් සහ හමුදා ප්‍රධානී අසීම් මුනීර් — ගැන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඔවුන් මේ සාකච්ඡා ඉදිරියට ගෙනයාමටත්, ඉස්ලාමාබාද් වල ඒවා සංවිධානය කරන්නත් වැදගත් භූමිකාවක්කියලා කියනවා.

තවත් කියන්නේ, සති කිහිපයක් තිස්සේ කරගෙන ගිය මේ මධ්‍යස්ථතා උත්සාහයන් හරහා, පකිස්තානය දැන් ප්‍රධාන මැදිහත්කරුවෙක් විදියට ඉදිරියට ඇවිත් තියෙනවා කියලා. විශේෂයෙන්ම ලෝක ශක්ති මාර්ග (energy routes) සම්බන්ධ ආතතිය අඩු කරන්න මේක වැදගත් කියලා.

ට්‍රම්ප් කියලා තියෙන්නේ, “පකිස්තානයටත්, ඔවුන්ගේ විශිෂ්ට අගමැතිටත්, ෆීල්ඩ් මාර්ෂල්ටත් ස්තුතියි. ඔවුන් දෙන්නම හරිම හොඳ මිනිස්සු දෙන්නෙක්,” කියලා. ඔහු මේක ප්‍රාදේශීය ස්ථායිතාවයට ලොකු දායකත්වයක් කියලා වර්ණනා කරලා තියෙනවා.

Share This